කරපිංචා කඩමින් සිටි මවක් සහ දියණියක් විදුලි සැර වැදී මිය යයි

විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් මිය ගිය පොලිස් මාධ්‍ය කොට්ඨාශය වාර්තා කළේය.

අද (07) පෙ.ව. 10.00 ට පමණ ගලහ, නවනලිය, කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුවී ඇති අතර මියගිය අය 46 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 13 හැවිරිදි දියණිය ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ ඔවුන් දෙදෙනා ගසකින් කරපිංචා කඩමින් සිටියදී අහම්බෙන් බිමට වැටී තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

ගලහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website