ලොරි රථයට යට වූ 11 වියැති පාසල් සිසුවිය මරුට

ඊයේ (06) දහවල් ඇලපාත පොලිස් වසමේ කනාදොල ඉලුක්තැන්න මාර්ගයේ අංක 79 රබර් වතුයාය ආසන්නයේදී ලොරි රථයකට යටවූ පාසල් සිසුවියක් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මූලික විමර්ශන මගින් අනාවරණය වන කරුණු අනුව දැරිය මාර්ගයේ දකුණු පසින් පා ගමනින් ගමන්කිරීමේදී ඇය දෙසට මාර්ගයේ වම්පසට බරව පැමිණි ලොරි රථයේ පාසල් බෑගය පැටලී ඇති අතර දැරිය ලොරි රථය තුළට විසිවීමෙන් අනතුර සිදුව තිබේ.

මියගිය සිසුවිය වයස අවුරුදු 11 ක් වූ අලුකැටිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇලපාත පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website