බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) උදෑසන ගණේමුල්ල බොල්ලතේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් මගින් කොකේන් කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 500 ක් හා මත්පෙති 3,450කට ආසන්න සංඛ්‍යාවක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මෑත කාලය තුළ සිදුකළ සාර්ථක වැටලීම් අනුව අනාවරණය කරගත් තවත් රහස්‍ය තොරතුරක් මෙම වැටලීම සඳහා උපයෝගී වී තිබේ. මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම වත්මන් වෙළඳපළ අගයෙන් කෝටි 22 ක් පමණ වන බව වාර්තා වේ. සැකකාරිය වයස අවුරුදු 48 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියකි.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සැකකාරිය සම්බන්ධ හා ඇය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භකර ඇත.












