රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරු මනුෂ්‍ය ඝාතනයකටත් සම්බන්ධයි

රැඳවුම් නියෝග මත රඳවා විමර්ශන සිදුකළ සැකකරුවෙකු  වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ වරදකට සම්බන්ධ බවට අනාවරණය වෙයි.

පසුගිය19 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 07 ක රැඳවුම් නියෝග මත කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 2024.11.08 වන දින මරදාන පොලිස් වසමේ නෙළුම් කුළුණ තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ බවට අනාවරණ වී ඇත.

සැකකරු වයස අවුරුදු 30 ක් වන  උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website