ජින්තුපිටියේ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට

පසුගිය 16 වැනි දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඊයේ (22)  විමර්ශන නිලධාරීන් විසින් වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 300 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 24 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (23) දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website