රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (23) පෙ.ව. 8.00 සිට දීපව්‍යාප්ත පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.
වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු විසඳීමට සහ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට ඇති කරගත් ගිවිසුම් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සංගමය පැවසීය.
කෙසේ වෙතත්, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බව GMOA අවධාරණය කළේය.
මේ අතර, නැගෙනහිර පළාත පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද පස්වරු 2.00 ට අවසන් කළ බව GMOA නිවේදනය කළේය.












