ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් අතර සිදුකරන විදේශ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුව අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින් විසින් මෙරට දී සිදුකරනු ලබන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිතා කරන අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී ඇත.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර, මෙරට නේවාසිකයින් අතර සිදුවන සියලුම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින්  පමණක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website