හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කැඳවා තිබිණි.
මෙම නඩුකරවලට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර තිබූ දිවුරුම් පෙත්සමක අන්තර්ගත කරුණු පදනම් කර ගෙන පෙත්සම්කාර පාර්ශ්වයේ ද එකඟතාවය ඇතිව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කර ඇත.












