වෙඩි තබා නවත්වාගත් ලොරියක ගවයින් 13 දෙනෙක්, ගෙල සිඳ ඝාතනය කළ ගව සිරුරක්ද රථයේ

අම්බලන්ගොඩ ආඳාදොල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයක් වෙඩි තබා නවත්වාගෙන ලොරි රථය තුල සිටි එළ ගවයින් 09 දෙනෙකු හා මී ගවයින් 04 දෙනෙකු මුදාගැනීමට අම්බලන්ගොඩ සංග්‍රාමික යතුරුපැදි ඒකකයට හැකිවී තිබේ.

වඳදූව ප්‍රදේශය දක්වා ලොරි රථය හඹාගෙන යමින් කිහිපවරක් සංඥාකර නැවැත්වීමට උත්සාහ දරා වෙඩි තැබීම සිදුකර ඇති අතර එහි ගමන්කළ සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වී ඇත.

ගෙල කපා ඝාතනය කළ එක් එළ ගවයෙකුගේ මෘත ශරීරයක් ලොරි රථය තුල තිබී හමුවී ඇත. සැකකරුවන් දෙදෙනා සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5200 ක් තිබී සොයාගෙන තිබේ.

ලොරි රථයේ රියැදුරු හා පළාගොස් සිටින තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 42 ක් හා 46 ක් වන අකුරැස්ස, බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website