ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ මැඩපැවැත්වීම සඳහා නව පොලිස් අංශයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සයිබර් අපරාධවල ඉහළ යන ප්‍රවණතාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ දිනකට සයිබර් අපරාධ 23 ත් 25 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවත් එය සැලකිය යුතු ලෙස ඉහළ සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි බවත්ය.
එවැනි අපරාධ ඵලදායී ලෙස විමර්ශනය කර විසඳීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂිත දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුව නවීකරණය කිරීම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.












