ජනපති සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු පාසල් සංවර්ධන නිලධාරීන් ගත් තීන්දුව

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැර දැමීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් විරාජ මනරංග පැවසුවේය.

අද (03) උදෑසන ජනාධිපතිවරයා සමඟ පාසල් සංවර්ධන නිලධාරීන්ට සාකච්ඡාවක් හිමිවූ අතර, එහි දී ජනාධිපතිවරයා කරුණු දෙකක් සඳහා සිය එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව,

  • අත්තනෝමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතන ගත කිරීම නතර කිරීම. එවිට ආයතන ගත වීමකින් තොරව දීර්ඝ කාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව හිමිවේ.
  • පාසල්වල වසර 7ක් ඉගැන්වූ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ප්‍රවිශ්ඨ වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම.

ජනපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ තම සංගමය ජනපතිවරයා ලබා දුන් පොරොන්දු විශ්වාස කරන බවයි. යම්කිසි ආකාරයකින් අදාළ පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් දැවැන්ත ක්‍රියාමාර්ගයකට යාමට තම සංගමය පසුබට නොවන බව ද ඔහු කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website