England Vs Sri Lanka : පළමු එක්දින තරඟයෙන් එංලගන්තය හමුවේ ශ්‍රී ලංකාවට ලකුණු 19ක පහසු ජයක්

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 19ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (22) සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 දී කඩුළු හයකට ලකුණු 272ක් ලබා ගත්තේය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49.2 දී සියලු දෙනාම දැවී ලකුණු 252ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් පන්දුවාර 117 කදී ලකුණු 93ක් සහ ජනිත් ලියනගේ පන්දුවාර 53කදී ලකුණු 46ක් ලබා ගත්තේය.

බෙන් ඩකට් (62) හා ජෝ රූට් (61) රැස්කළ අර්ධ ශතක රැස්කළ අතරඅවසන් පන්දුවාර කිහිපයේ දී එංගලන්තයට බලාපොරොත්තුවක් රැගෙන ආ ජෙමී ඔවර්ටන් පන්දු 17කින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්රි වැන්ඩර්සේ (2/39), දුනිත් වෙල්ලාලගේ (2/41) හා ප්‍රමෝද් මධුෂාන් (3/39) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website