මාර්ගවල යතුරුපැදි ධාවන තරඟවලට පොලිසියෙන් රතු එළි – දඬුවම්වල තරමත් කියයි

යතුරුපැදි යොදා ගමින් මාර්ගයේ ධාවන තර පවත්වන පුද්ගලයන් සහ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පැවසීය.

මෙරට තුළ ලියාපදිංචි කර මාර්ගයේ ධාවනය කිරීමට අවසර ලබා දී ඇත්තේ එන්ජින් ධාරිතාව 450 හෝ ඊට පහළ කාණ්ඩයේ යතුරු පැදි පමණක් බව ද ඔහු අවධාරණය කළේය.

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ වැල්ලවත්ත, බෝකුන්දර, පිළියන්දල, ගම්පහ ඒවාගේ දැවන්ත පාරවල් තියෙන ස්ථානවල මහජනතාව අදාළ යතුරු පැදි තරඟ පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දෙන බවයි.

මේ වන විට අනුමත එන්ජින් ධාරිතාවට වඩා ඉහළ ධාරිතාවක් සහිත යතුරුපැදි ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒවා රාජසන්තක කිරීමේ හැකියාවක් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් මාර්ගවල රාජකාරිවල යොදවා නීති විරෝධී ධාවන තරඟ පවත්වන පුද්ගලයන් හඳුනාගෙන නීති මගින් කටයුතු කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මෙවැනි වරදක් සඳහා සැකපිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර රුපියල් ලක්ෂ එකහමාරත්, ලක්ෂ දෙකත් අතර දඩ මුදලකට යටත් කළ හැකි බවත් මෙවැනි යතුරු පැදි තරග සංවිධානය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website