තෙල් සංස්ථාවට මිලියන 800ක් පාඩු කළ බවට අර්ජුන සහ ධම්මිකට අධි චෝදනා

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලට ගැනීම තුළින් තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට එරෙහිව  චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මේ බව දැනුම් දුන්නේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපාලි අබේරත්න අල්ලස් කොමිසමේ පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කර තිබිණි.

2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් තුනක් අවලංගු කර, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් යටතේ ඉන්ධන මිල දී ගැනීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website