“රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) යාපනයේ දී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන හෙට (16) පස්වරුවේ යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේදී පවත්වන ලදී.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුම්වත් කිරීමත්, “රටම එකට” ජාතික මෙහෙයුම තුළින් ඉටු කරන සුවිශේෂී කාර්යයභාරය පැහැදිළි කරමින් උතුරු පළාතේ මහජනතාවගේ හා අදාළ සියලු පාර්ශවයන්ගේ සාධනීය දායකත්වය මෙම මෙහෙයුම වෙනුවෙන් ලබා ගැනීමත් හෙට පැවැත්වෙන උතුරු පළාත් වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

විෂ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන කාර්යයන් කිහිපයක් කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත. විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අලෙවි කරන්නන් හා එම ජාවාරමට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීති මගින් කටයුතු කිරීම, භාවිතයට ඇබ්බැහි වූ තැනැත්තන් නිසි පරිදි පුනරුත්ථාපනය කිරීම, මෙම උවදුරට විරුද්ධව සමස්ත සමාජය බලගැන්වීම පිණිස මතවාද ගොඩනැංවීම, අදාළ රාජ්‍ය ආයතන ඇතුලු සියලු පාර්ශ්වයන් එකම අරමුණක් වෙනුවෙන් ඒකරාශීව කටයුතු කිරීම හා විෂ මත්ද්‍රව්‍ය පිටුදැකීම කෙරෙහි යොමු වූ ධනාත්මක ප්‍රචාරණය යන ප්‍රධාන කාර්යයන් මෙහිදී සමගාමීව ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website