කොටහේන පොලිස් ස්ථානයේ දූෂණ මර්දණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උදයංග නිලධාරියා එම අංශයේ නිලධාරීන් සමඟ කොටහේන මේෆීල්ඩ් ප්‍රදේශයේ නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 34 මිලිග්‍රෑම් 70ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අනාවරණය කර ගත් තොරතුරක් මත කොටහේන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල මහතාගේ උපදෙස් පරිදි ඊයේ (13) දහවල් වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් මගින් විදෙස්ගතව සිටිමින් මෙරට මත්‍ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන සැකකරුවෙකු සමඟ සමීප සබඳතා පවත්වන තැනැත්තෙකු බව හෙළිදරව් කර තිබේ.
සැකකරු වයස අවුරුදු 34 ක් වන කොටහේන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.












