චීන රජය විසින් 2026 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමේ නිල උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙරට මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Qi Zhenhong මහතා විසින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංඛේතාත්මකව පාසල් නිල ඇඳුම් රෙදි මෙහිදී ප්‍රදානය කරනු ලැබීය.
මෙවර පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා සිසුන් 4,418,404කට පමණ හිමිකම් ලැබෙන බව සඳහන්ය. එම නිල ඇඳුම් රෙදි තොග 2026 ජනවාරි 19 දින සිට දිවයින පුරා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.












