කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක පැටලී අඹුසැමි යුවලක් මරුට: සැකකරුවෙක් අත්අඩංගුවට

වරකාපොළ පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී විදුලිසැර වැදී සිටි අඹුසැමි යුවලක් ඊයේ (13) දහවල් වරකාපොළ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට වරකාපොළ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු  වයස අවුරුදු 60 ක් හා මරණකාරිය වයස අවුරුදු 58 ක් වූ හුනුවල, තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. කුඹුරු ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා  අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අනවසර විදුලි රැහැන් අදින ලද වයස අවරුදු 34 ක් වූ හුනුවල ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වරකාපොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website