2026 වසරේ ජාතික විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරයි

2026 වසරේ ජාතික විභාග පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනය අනුව 2026 වසර සඳහා ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිත අතර  2026 වසරේ පළමු විභාගය ලෙස සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය – 2025 විභාගය ජනවාරි මස 11 වනදා පැවැත්වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ 2025 අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ජනවාරී 12 වැනි දා සිට 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස සාපෙළ විභාගය 2026 පෙබරවාරී 17 සිට පෙබරවාරී 26 දින දක්වා පැවැත්වීමට නියමිතය.

2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වැනිදා ද, 2026 අපොස උසස් පෙළ විභාගය 2026 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා ද, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (2027 අපොස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටින සිසුන් සඳහා පමණි) 2026 ඔක්තෝබර් 24 වැනි දා ද, 2026 අපොස සාපෙළ විභාගය 2026 දෙසැම්බර් 08 වැනිදා සිට දෙසැම්බර් 17 වැනිදා දක්වා ද පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website