අධිකරණ කටයුතුවල දී රජයය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා නොකරන බව අගමැති හරිනි කියයි

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිලි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අද (09) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “ජනාධිපතිතුමන් 2024 ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ නඩු සමාලෝචනය හා නැවත නඩු පැවරීමේ ක්‍රියාවලිය ස්වාධීන අධිකරණ පද්ධතියක් යටතේ සිදු කරන බව පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. 2019 සිට 2024 දක්වා ඉල්ලා අස් කරගත් මුළු නඩු 102ක් අතර 65කට නැවත නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, 34ක් සඳහා නැවත නඩු නොපැවරීමේ තීරණය කර තිබෙනවා. තවත් නඩු තුනක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටිනවා”.

“වර්තමාන අධිකරණ ක්‍රියාවලිය යටතේ කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. පැරණි සිද්ධි 15–20 වසරක දක්වා නැවත විමර්ෂණය කර නඩු පැවරීම සිදු කෙරෙනවා. තීරණය තරාතිරම බැලීමෙන් නොව, අදාළ සාක්ෂි අනුව ගෙන යනු ලබන බව පැහැදිලි කරුණක්. පැවති ආණ්ඩු වල සිටි එකිනෙකා ආරක්ෂා කළ අය අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරීම විහිළුවක්” බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website