අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් වංචා සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
මේ සම්බන්ධයෙන් වන මහජන පැමිණලිවල වේගවත් වර්ධනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති අතර එම අපරාධ මර්ධනය කිරීම සඳහා විශේෂ හා දැඩි පියවර ගන්නා බව ද අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් ජනතාවට සිය පැමිණිලි යොමු කිරීම සඳහා දුරකථන අංක තුනක් ද පොලිස් මූලස්ථානය විසින් හඳුන්වා දී ඇත. ඒ අනුව සියලුම පැමිණලි, පරිගණක අපරාධ විමර්ශන අංශය,
නියෝජ්‍ය අධ්යක්ෂ – 011 2300638
පුද්ගලික සහකාර – 011 2381375
ස්ථානාධිපති – 011 2381058
වෙත යොමු කළ හැකිය.












