‘මම යුද සිරකරුවෙක්’ – ලෝකයේ ම අවධානය යොමුවූ මදුරෝගේ නඩු විභාගයේදී සිදුවූයේ කුමක් ද?

වෙනිසියුලානු නායක නිකොලස් මදුරෝ පළමු වරට නිව්යෝර්ක් නගරයේ අධිකරණ ශාලාවකට ඇතුළු වීමට මොහොතකට පෙර පාදවලට දමා තිබූ විලංගු වල ශබ්දය ඇසිණි.

ඉන්පසු ඔහු වාර්තාකරුවන් සහ මහජනතාවගෙන් පිරුණු අධිකරණ ශාලාවකදී පැවසුවේ, තමාව “පැහැර ගැනීමට”ලක්වූ බව ය.

ඔහු අධිකරණ ශාලාවට ඇතුළු වී මිනිත්තු කිහිපයකට පසු, විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින්, නඩු කටයුතු ආරම්භ කිරීම සඳහා ඔහුගේ අනන්‍යතාව තහවුරු කරන ලෙස මදුරෝගෙන් ඉල්ලා සිටියේ ය.

“සර් මම, නිකලොස් මදුරෝ. මම වෙනිසියුලා ජනරජයේ ජනාධිපති, ජනවාරි 03 වන දා වෙනිසියුලාවේ කරකාස්හි පිහිටි මගේ නිවසේදී අල්ලාගෙන පැහැරගෙන ‍රැගෙන ආවා,” ඔහු අධිකරණය හමුවේ සන්සුන් ස්පාඤ්ඤ භාෂාවෙන් පැවසුවේ ය.

විනිසුරුවරයා ඉක්මනින් මැදිහත් වී මදුරෝට පැවසුවේ, ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට “කාලයක් සහ ස්ථානයක්” ඇති බව ය.

සඳුදා පස්වරුවේ මිනිත්තු 40ක් පැවති නඩු විභාගයේදී, මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්, මත්ද්‍රව්‍ය සහ ආයුධ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව පැවසූහ.

“මම නිර්දෝෂී යි. මම යහපත් මනුස්සයෙක්,” මදුරෝ පැවසූ අතර, ෆ්ලෝරස් පැවසුවේ තමන් ද “සම්පූර්ණයෙන් ම නිර්දෝෂී” බවය.

සෙනසුරාදා වෙනිසියුලාවේ හමුදා කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව හදිසි රාත්‍රී මෙහෙයුමකදී ඔවුන්ගේ නිවසේදී ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු 63 හැවිරිදි මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි බන්ධනාගාරයක් වෙත රැගෙන එනු ලැබූහ.

නිල් සහ තැඹිලි පැහැති බන්ධනාගාර කමිස සහ කාකි කලිසම්වලින් සැරසී සිටි ඔවුන් හෙඩ්ෆෝන් භාවිතයෙන් ස්පාඤ්ඤ භාෂා පරිවර්තනයකට සවන් දුන්හ. මදුරෝ කහ පැහැති නීති පොතක ප්‍රවේශමෙන් සටහන් තබා විනිසුරුවරයාගෙන් තමන්ට එය තබා ගත හැකි දැයි විමසීය.

Captured Venezuelan President Nicolas Maduro is escorted, as he heads towards the Daniel Patrick Moynihan United States Courthouse in Manhattan

අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මැන්හැටන්හි ඩැනියෙල් පැට්‍රික් මොයිනිහාන් එක්සත් ජනපද උසාවිය දෙසට යන විට ඔහු ආරක්ෂිතව රැගෙන යයි.

ඡායාරූප මූලාශ්‍රය,Reuters – සති අන්තයේ ඇමෙරිකානු හමුදා විසින් අල්ලාගනු ලැබූ මදුරෝ සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක්හි බන්ධනාගාරයක් වෙත රැගෙන යනු ලැබූහ.

A motorcade believed to be carrying captured Venezuelan President Nicolas Maduro drives after his arraignment 

අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ රැගත් බවට විශ්වාස කෙරෙන වාහන පෙළක්.

ඡායාරූප මූලාශ්‍රය,Reuters – ඔවුන් අධිකරණයට රැගෙන ඒම සහ ඉන් පිටතට රැගෙන යාම සිදු කළේ, ආරක්ෂිත සන්නද්ධ රථයකිනි.

මාස කිහිපයකට පෙර ෂෝන් “ඩිඩී” කොම්බ්ස් වරදකරු කරන ලද ෆෙඩ්රල් අධිකරණ ශාලාවට ඇතුළු වූ මදුරෝ ශාලාව වටා හැරෙමින් රැස්ව සිටි පිරිසට හිස නමා ආචාර කළේ ය.

නඩු විභාගය අවසානයේදී මහජනතාව රැඳී සිටි ස්ථානයක සිටි පුද්ගලයෙකු එක්වර ම මදුරෝ සිය අපරාධ සඳහා “වන්දි ගෙවනු ඇති” යැයි කෑ ගැසූ විට පවා, ඔහු මෙම සන්සුන් හා හැඟීම් විරහිත හැසිරීම පවත්වා ගත්තේ ය.

“මම පැහැර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් සහ යුද සිරකරුවෙක්,” ඔහු ස්පාඤ්ඤ භාෂාවෙන් ප්‍රේක්ෂකාගාරයේ සිටි මිනිසා දෙසට කෑ ගසමින් පැවසුවේ ය. ඉන්පසු ඔහුව කාමරයෙන් පිටතට රැගෙන යන ලදී.

අධිකරණ ශාලාවේ සිටි අනෙක් අයට ද නඩු විභාගය සංවේදී විය. මදුරෝගේ පරිපාලනය සම්බන්ධයෙන් වාර්තා කළ වෙනිසියුලාවේ වාර්තාකාරිනියක වන මේබෝර්ට් පෙටිට් පැවසුවේ, මදුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ඇමෙරිකානු මිසයිල ප්‍රහාරවලින් කරකාස්හි ෆුවර්ට් ටියුනා අසල පිහිටි ඇගේ පවුලේ නිවසට ද හානි සිදු වූ බව ය.

බන්ධනාගාර ඇඳුමින් සැරසී සිටින ඇයගේ රටේ හිටපු රාජ්‍ය නායකයා ඇමෙරිකා එක්සත් ජනපද මාර්ෂල්වරුන් අධිකරණයට ගෙන එනු දැකීම ආශ්චර්යවත් කරුණක් වූ බව ඇය පැවසුවා ය.

මදුරෝගේ බිරිඳ ෆ්ලෝරස් බොහෝ නිහඬව සිටියා ය, සති අන්තයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇගේ ඇස් සහ නළල අසල තැලීම් සිදුවූ බව ඇගේ නීතිඥයෝ පැවසූහ.

ඇගේ නීතිඥයින් ඇයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර රන්වන් පැහැති කොණ්ඩය ගැට ගසා තිබූ ඇය මෘදු ලෙස කතා කළා ය.

මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, කොකේන් ආනයනය කිරීමේ කුමන්ත්‍රණය, මැෂින් තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ඒවා ළඟ තබා ගැනීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මදුරෝට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

මදුරෝට ඔහුගේ බිරිඳට, පුතා සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කරන ලදී. ඊළඟ අධිකරණ නඩු විභාගය මාර්තු 17 වන දා දක්වා කල් තබා ඇත.

සම්පූර්ණ උපුටා ගැනීම -.bbc.com/sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website