අද රාත්‍රී 12.00 සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් ටියුෂන් තහනම්

2025 අ.පො.ස (උසස්. පෙළ) විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත් වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සහන් වේ.

එම කාලසීමාව තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය හා බෙදාහැරීම විභාග ප්‍රශ්නපත්‍රවලට සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම මෙලෙස තහනම් වන බව  ද විභාග දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

2025 අ.පො.ස (උසස්.පෙළ) විභාගයේ නොපැවැත් වූ විෂයයන් 2026 ජනවාරි මස 12 සිට 20 වැනිදා දක්වා පැවැත් වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website