ඇල්ල Odessey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය අද (06) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මේ අතර, පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල නාවලපිටිය සහ හැටන් අතරත් මහනුවර සහ වත්තේගම අතරත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස් වල දුම්රියයන් ධාවනය වන්නේ පළමු වතාවට බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේ දී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අංක 6075 දුම්රිය
කොළඹ කොටුව පිටත් වීම – ප.ව. 12.45
මඩකලපුව ලඟාවීම – ප.ව 08.07
අංක 6076 දුම්රිය
මඩකලපුව පිටත් වීම -පෙ.ව. 04.00
කොළඹ කොටුව ළඟා වීම – පෙ.ව. 11.30
ඇල්ල Odessey සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
අංක 1043 දුම්රිය
අඹේවෙල පිටත් වීම – ප.ව. 01.30
බදුල්ල ලඟාවීම – ප.ව. 04.15
අංක 1044 දුම්රිය
බදුල්ල පිටත්වීම පෙ.ව. 07.45
අඹේවෙල ලඟාවීම පෙ.ව. 10.58
මේ අතර, පාසල් සිසුන් සඳහා පාසල් පැවැත්වෙන දිනවල, ඊයේ (05) සහ අද (06) සිට නාවලපිටිය සහ හැටන් අතරත් මහනුවර සහ වත්තේගම අතරත් පහත පරිදි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පැවති ආපදා තත්ත්වයෙන් පසු මෙම මාර්ග කොටස් වල දුම්රියයන් ධාවනය වන්නේ පළමු වතාවට බව දැනුම් දී ඇත.
වත්තේගම/ මහනුවර
වත්තේගම පිටත් වීම – පෙ.ව. 05.45
මහනුවර ලඟා වීම පෙ.ව. 06.30
මහනුවර/ වත්තේගම
මහනුවර පිටත් වීම – ප.ව. 02.00
වත්තේගම ලඟා වීම – ප.ව. 02.39
හැටන් / නාවලපිටිය
හැටන් පිටත්වීම පෙ.ව. 05.00
නාවලපිටිය ලඟා වීම – පෙ.ව. 06.29
නාවලපිටිය /හැටන්
නාවලපිටිය පිටත් වීම – ප.ව. 02.12
හැටන් ලඟාවීම – ප.ව. 03.11













