මතුගම සභාපතිට සහ ගාල්ල ම.න.ස. විපක්ෂ මන්ත්‍රීවරු පස් දෙනාට ඇප

මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ප්‍රාදේශීය සභා ලේකම්වරියට පහරදීමේ චෝදනාව මත මුණසිංහ මහතා අද (31) උදෑසන පොලිසියට භාර වූ අතර ඊට පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව මතුගම පොලිසිය පැවසුවේය.

මේ අතර ගාල්ල නගර සභාවේ ඊයේ (30) පැවති සභා වාරය අතරතුර ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විපක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අද (31) ගා්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා නියෝග කළේය.

නිලධාරීන්ට තර්ජනය කිරීම සහ සභා ලේකම්වරයාගේ සහ කාර්ය මණ්ඩලයේ රාජකාරිවලට බාධා කිරීම යන චෝදනා මත මෙම  මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website