6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුම: දණ්ඩනීති සංග්‍රහය හා ජාතික ළමා ආරක්ෂක පනත යටතේ වන වරදක් -Free Lawyers සංවිධානය

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නුසුදුසු යෙදුමක් අන්තර්ගත කිරීම සම්බන්ධයෙන් Free Lawyers  සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් මගින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. එහි සදහන් වන්නේ මෙම අන්තර්ගතය දණ්ඩනීති සංග්‍රහය හා ජාතික ළමා ආරක්ෂක පනත යටතේ වන වරදක් බවයි.

මෙම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ වේ.

 2025.12.31

පොලිස්පතිතුමා, ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය, කොළඹ

පොලිස්පතිතුමනි,‍ෙ

දණ්ඩනීති සංග්‍රහය හා ජාතික ළමා ආරක්ෂක පනත යටතේ වන වරද සම්බන්ධයෙනි.

ජාතික අධ්‍යාපන ආයතනය මගින් 2025 වසරේ ප්‍රකාශිත English Language First Term Modules Grade 6  හි අඩංගු කරුණු හා ක්‍රියාකාරකම් දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති, අපරාධ විධි විධාන සංග්‍රහය, අසභ්‍ය ප්‍රකාශන පනත සහ ජාතික ළමා ආරක්ෂක පනතේ විධි විධාන උල්ලංඝනය වන බව Free Lawyers  සංවිධානය නිරීක්ෂණය කරයි.

මෙම පොත රට පුරා සියළු පාසල්වල 6 ශ්‍රේණියට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන් වෙත දැනටමත් බෙදා හැර ඇත. කලාප කාර්යාල මගින් විශේෂ පුහුණු පාඨමාලා පවත්වා මෙම මොඩියුලයේ පාඩම් ඉගැන්වීම්  2026 ජනවාරි 5 දින සිට සිදු කරන ලෙස උපදෙස් ලබාදී ඇත.

ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව මෙම පොත සකස් කර එහි පිටපත් සකසා, කලාප කාර්යාල මට්ටමින් පුහුණු වැඩසටහන් පැවැත්වීමට කිසිදු හැකියාවක් නැත. එබැවින් මෙය අත්වැරැද්දක් නොවන බව පැහැදිලිය.

මෙම මොඩියුලය සකස් කර, එය බෙදා හැර, ඉගැන්වීම් සඳහා පුහුණු කිරීම තුලින් වයස අවු. 11-12 ක් වන දරුවන්ට සමලිංගික සහකරුවන් සොයා ගැනීමට ඉගැන්වීම, අනුබලදීම, උපදෙස් හා ක්‍රියාකාරකම් පුහුණු කිරීම වරදකි. 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත වැනි පනත් මගින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීමකි.

ගරු අධ්‍යාපන ඇමතිතුමිය ලිංගික අධ්‍යාපනය ලබාදෙන මුවාවෙන් ‘ලිංගිකත්වය ප්‍රවර්ධනයට’ රුකුල් දෙන ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින බව පාර්ලිමේන්තුව තුල ද, ඉන් පිටත දී ඇයගේ ක්‍රියාකාරකම් මගින් පැහැදිලිව  පෙනේ.  කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස දක්වමින් ‘සමලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට’ සැලසුම් සහගත උත්සාහයක් ඇති බව පෙනෙන්නට ඇත.

ඉහත නීති එකක් හෝ කිහිපයක් හෝ මගින් English Language First Term Modules Grade 6 රචනය, මුද්‍රණය, බෙදාහැරීම, පුහුණු කිරීම මගින් වරදක් සිදු කර ඇති ද යන්න සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

මෙයට විශ්වාසී,

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

නීතිඥ අතුල ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website