කේරල ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

කිලිනොච්චිය කොට්ඨාසය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (29) දින අළුයම කිලිනොච්චි පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 131 ග්‍රෑම් 013ක් සන්තකයේ තබා සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

පන්නන්කන්ඩි, කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති වයස අවුරුදු 39ක් වන එම සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website