Update: මහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ තර්ජනය ගැන පොලිසියෙන් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත අද (26) පෙරවරුවේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බව එම නිවේදනයේ සහන් වේ.

මෙම පණිවුඩය අනුව උසස් නිලධාරීන්ගේ ලද උපදෙස් අනුව මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද කැඳවා මෙමම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මෙම සෝදිසි මෙහෙයුමේදී මෙතෙක් කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී නොමැති බව සඳහන් කළ පොලීසිය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධව සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මහ නුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ තර්ජනයක් -ගොඩනැගිල්ල දැඩි පරීක්ෂාවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website