Update: ග්‍රාම නිලධාරිනියට බැණ තර්ජනය කළ පුත්තලම ප්‍රා.සභාවේ මාළිමාව මන්ත්‍රීට ඇප

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිනියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරන විමල් රෝහණ මන්ත්‍රීවරයා ලක්ෂ 05ක ශරීර ඇපයයක් මුදා හැරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් දයානි සන්ධ්‍යා රත්නායක මහත්මිය අද (26) නියෝග කළාය.

සැකකරුට සෑම මසකම අවසන් ඉරු දින මුන්දලම පොලීසියේ පෙනී සිටින ලෙසත් කොන්දේසියක් ද ඇය විසින්  පනවනු ලැබුවාය.

මෙම නඩුව 2026.08.05 වැනි දින යළි කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ග්‍රාම නිලධාරිනියකට බැණ වැදී තර්ජනය කළ මාළිමාවේ පුත්තලම ප්‍රා.ස. මන්ත්‍රී අත්අඩංගුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website