
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් එක් කර ඇත. එය සම්පූර්ණයෙන් පහත පළ වේ.
“ අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු”












