අද වන විට ඖෂධ මාෆියාව නැවතත් ක්‍රියාත්මක වී බාල ඖෂධ නිසා තරුණියන් දෙදෙනකු ඊට ගොදුරු වී මිය ගොස් ඇති නිසා මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) රජයෙන් ඉල්ලා සිටියේය.
රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන විට මූලික අයිතිවාසිකම් යටතට සෞඛ්‍ය සහ අධ්‍යාපනය ද එක් කරන ලෙසත් ඒ තුළින් ජිවත් වීමේ අයිතිය ද මූලික අයිතිවාසිකමක් වන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන්ම තත්ත්වයෙන් බාල එන්නත් සම්බන්ධයෙන් විවිධ අනාවරණයන් සිදු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සිය අදහස් පළ කළ විපක්ෂ නායකවරයා බාල ඖෂධ ගෙන ආ නිලධාරීන් තවමත් සේවයේ සිටින විට ඒ සම්බන්ධයෙන් අනාවරණය කළ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම අනීතික බවත් මෙහි දී පෙන්වා දුන්නේය.














