විනාශ වූ මාර්ග සහ පාළම් වලට මොකද කරන්නේ ? : RDA සභාපති ඉදිරි සැලසුම් හෙළි කරයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මාර්ග 316 ක් හානියට පත් වූ බවත් ඉන් මාර්ග 302ක් මේවන විට රථවාහන ධාවනය සඳහා විවෘත කර ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මේ කරුණු හෙළි කළේය.

මධ්‍යම පළාතේ මාර්ග නවයක්, ඌව පළාතේ මාර්ග දෙකක්, උතුරු පළාතේ මාර්ග දෙකක් සහ වයඹ පළාතේ එක් මාර්ගයක් පමණක් පිළිසකර කිරීමට ඉතිරිව ඇති බව කී සභාපතිවරයා මාතලේ – ඉලුක්කුඹූර ලග්ගල මාර්ගය දරුණු නාය යාමකට ලක් වු බැවින් මෙම මාර්ගය නැවත විවෘත කිරීමට සති තුනක පමණ කාලයක් ගතවනු ඇති බවද සඳහන් කළේය.

කලල්පිටිය උකුවෙල ඇල්කඩුව මාර්ගය දරුණු ලෙස හානි වී ඇති බැවින් එම මාර්ගයේ එක් කොටසකට නව මාර්ග කොටසක් ඇතුළත් කිරීමට සිදු වී ඇති බව ද එහි දී ඉඩම් අත්පත් කර ගැනීමට සිදු වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මොරගහකන්ද – වැල්ලේවල මාර්ගය සඳහා නව පාලමක් ඉදි කිරීමට සිදුවන බව ද  ගොම්බොරුඔය, බලපොකුණ පාර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව විවෘත කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

තවද මධ්‍ය කාලීන සැලසුම් යටතේ මාස හතරක පමණ කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් හානියට පත්වූ මාර්ග ස්ථිර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන බව පෙන්වා දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම ඉදිකිරීම් ජනවාරි මස ආරම්භ කෙරෙන බව ද පැවසුවේය.

දීර්ඝ කාලීන වශයෙන් පාලම් ඉදිකිරීම ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වසර 1 ½ ක පමණ කාලයක් ගතවනු ඇති බවත් විශාල හානියක් සිදු ව ඇති මධ්‍යම පළාතේ මාර්ග වැඩිදියුණු කිරීමේදී, විශේෂයෙන් මාර්ග බෑවුම් සංරක්ෂණය කිරීම විශාල අභියෝගයක් බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website