නුවර – ගම්පොළ හරහා කොළඹ බස් රථ සේවාව, නුවර – වැලිමඩ බස් රථ සේවාව යළි ආරම්භ ඇති බවත් රඹුක්කන – කෑගල්ල බස් රථ සේවාව තර කර ඇති බවත් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.
දුම්රිය සමඟ ඇති ඒකාබද්ධ කාලසටහන් අනුව බස් රථ සේවාව ආරම්භ කර ඇති බවත් මහනුවර සිට රඹුක්කන දක්වා පෙ.ව 4.15 සහ පෙ.ව 4.45 බස්රථ 2ක් පැමිණෙන බවත් එය රඹුක්කනින් පෙ.ව 5.57 සහ පෙ.ව 6.20 පිටත්වන දුම්රියට මඟින් ගෙන එන බවත් ඔහු සඳහන් කළේය.
එසේම රඹුක්කන සිට නුවර දක්වා ප.ව 6.30 සහ ප.ව 7.00 බස්රථ 2ක් පිටත්වන බවත් කොළඹ සිට පැමිණෙන දුම්රිය ආපසු මෙම බස් රථ නුවර බලා පිටත් වන බව ද ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිසජීව කනකරත්න මහතා පැවසුවේය.













