මහ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ. කොට්ඨාශ 05ක නායයෑමේ රතු නිවේදන – සම්පූර්ණ වාර්තාව මෙන්න !

මහ නුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මැදදුම්බර, ගඟ ඉහළ කෝරළය සහ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (ග්‍රාම නිලධාරී වසයම්) සහ ඒ අවට ප්‍රදේශ වෙත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 03 වැනි අදියරේ (ඉවත්වීම) රතු නිවේදන නිකුත් කර තිබේ.

එම සංවිධානය විසින් අද (15) දින ප.ව 04.00ට නිකුත් කළ නිවේදනයක මේ බව සහන් වේ.

මීට අමතර 02 අදියරේ (අවදානම) ඇම්බර් නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වන්වේ,

  • බදුල්ල දිස්ත්‍රික්කය – ඌව පරණගම, හපුතලේ, වැලිමඩ, ලුණුගල, සොරණතොට, ඇල්ල, කන්දකැටිය, පස්සර, මීගහකිවුල, හල්දුම්මුල්ල, බදුල්ල, බණ්ඩාරවෙල සහ හාලි_ඇල යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • මහනුවර දිස්ත්‍රික්කයේ – උඩුනුවර, හතරලියද්ද, අකුරණ, ගඟවට කෝරළය, දෙල්තොට, පූජාපිටිය, කුණ්ඩසාලේ, පන්විල, යටිනුවර, හාරිස්පත්තුව, උඩපළාත, තුම්පනේ, පාතදුම්බර, පාතහේවාහැට සහ පස්බාගේ කෝරළය යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • කුරුණෑගල දිස්ත්‍රික්කයේ – මල්ලවපිටිය, රිදීගම සහ මාවතගම යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • මාතලේ දිස්ත්‍රික්කයේ – විල්ගමුව, රත්තොට, ලග්ගල පල්ලේගම, පල්ලේපොල, උකුවෙල, අඹන්ගඟ කෝරළය, යටවත්ත, නාඋල සහ මාතලේ යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • නුවරඑළිය දිස්ත්‍රික්කයේ – හඟුරන්කෙත, වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට සහ නුවරඑළිය යන ප්‍රා.ලේ. කොට්ඨාශ.

01 අදියරේ (විමසිලිමත්) කහ නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කොට්ඨාශ වන්‌නේ,

  • කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඕවිට, මාවනැල්ල, වරකාපොළ, බුලත්කොහුපිටිය, දැරණියගල, කෑගල්ල, අරණායක, රඹුක්කන, රුවන්වැල්ල, යටියන්තොට සහ ගලිගමුව යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – පොල්ගහවෙල සහ අලව්ව යන ප්‍රා.ලේ. කොට්ඨාශ,
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – තලවකැලේ,  නෝර්වුඩ්,  අඹගමුව කෝරළය,  කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රා.ලේ. කොට්ඨාශ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website