මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ අවසන් කටයුතු අද (02) සවස සිදු කිරීමට නියමිතය.
මෙම සිදුවීම සැක සහිත මරණයක් ලෙස සලකා මුලින් පරීක්ෂණ ආරම්භ කරන ලද අතර, මරණය මිනීමැරුමක්, සියදිවි නසා ගැනීමක් හෝ හදිසි අනතුරකින් සිදු වූවක්ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණ පවත්වන ලදී.
මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය උපදේශකයින් හතර දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් ඊයේ (01) තහවුරු කළේ එය තමා විසින්ම සිදු කරගත් තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි නසා ගැනීමක් බවයි.
















