මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් භික්ෂූන් 22 දෙදෙනා අද යළි මීගමුව අධිකරණය හමුවට

තායිලන්තයෙන් “කුෂ්” ගංජා සහ “හෂිෂ්” ජාවාරම සම්බන්ධයෙන් පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් 22 දෙනෙකුගෙන්යුත් කණ්ඩායම අද (02) නැවතත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයපැවසුවේය.

මෙම භික්ෂූන් වහන්සේලා රැඳවුම් නියෝග මත දින හතක් රඳවා තබා ගත් අතර මූලික විමර්ශන අවසන් වූ පසු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ජාවාරම මෙහෙය වූ බව කියන අමිතානන්ද නම් භික්ෂුව හෙට (03) අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website