පුත්තලම – ත්රිකුණාමලය (A-12) ප්රධාන මාර්ගයේ හොරොව්පොතාන, අක්කර 100 හංදිය ප්රදේශයේදී (මැයි 01) සිදු වූ දරුණු රිය අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අනතුරින් 5 හැවිරිදි දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.
හොරොව්පොතාන දෙස සිට ත්රිකුණාමලය දෙසට ධාවනය වූ අධිබලැති ‘හොනට්’ වර්ගයේ යතුරුපැදියක්, සහනාධාර මාවතේ සිට ප්රධාන මාර්ගය හරහා අතුරු මාර්ගයකට පිවිසීමට උත්සාහ කළ ‘ස්කූටි’ වර්ගයේ යතුරුපැදියක මැද කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. ගැටීමෙන් පසු යතුරුපැදි දෙකම මාර්ගය දිගේ පෙරළී ඇදි ගොස් තිබේ.
ස්කූටි වර්ගයේ යතුරුපැදියේ පැදිකරු මරදන්කඩවල ප්රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එම යතුරුපැදියේම ගමන් කළ 05 හැවිරිදි කුඩා දරුවෙකු තුවාල ලබා හොරොව්පොතාන රෝහලේ ප්රතිකාර ලබයි.
අනෙක් යතුරුපැදියේ ගමන් කළ සමගිගම, හොරොව්පොතාන ප්රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
හොරොව්පොතාන රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















