පුත්තලම පොලිස් වසමේ පාලවිය ප්‍රදේශයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සවස වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 994 ග්‍රෑම් 150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන පුත්තලම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 34 ක් වන නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුත්තලම පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කොස් ගසෙන් වැටී 44 හැවිරිදි පුද්ගලයා මරුට
ඊයේ (29) සවස ගම්පොල පොලිස් වසමේ සිංහපිටිය ප්‍රදේශයේ ගසකින් වැටී බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 44 ක් වන සිංහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු කොස් ගෙඩියක් කැඩීම සඳහා නිවස ඉදිරිපිට තිබු කොස් ගසකට නැග අති අවස්ථාවේ එයින් ඇද වැටී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වි ඇත. ගම්පොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කසිප්පු ලීටර් 100ක් සමඟ සැකකරුවන් 02ක් අත්අඩංගුවට
අක්මීමන පොලිස් වසමේ ටැංකි කැලේ රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (29) සවස පොලිස් විශේෂ කාර්ය බලකා අක්මිමන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 100 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන අක්මීමන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 30 හා 40 වයස්වල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අක්මීමන පොලිස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අයිස් සමඟ 19 හැවිරිදි තරුණයෙන් අත්අඩංගුවට
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 120 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුද 19 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















