වර්තමානයේ විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ක්‍රියාත්මක වන මූල්‍ය වංචාකරුවන්, මහජනතාවගේ බැංකු ගිණුම් ඉතා සූක්ෂම ලෙස තම අපරාධ සඳහා යොදා ගනිමින් සිටියි.
වංචාකරුවන් ඔබව හසු කරගන්නා ආකාරය:
- බැංකු ගිණුම් කුලියට ගැනීම හෝ මිලදී ගැනීම: සුළු මුදලක් ලබා දී ඔබගේ නමට ඇති Passwords / PIN ලබාගෙන ඒවා මූල්‍ය වංචා සඳහා යොදා ගැනීම.
- කොමිස් මුදලට මුදල් හුවමාරු කිරීම: ඔබගේ ගිණුමට ලැබෙන මුදලින් යම් ප්‍රතිශතයක් ඔබට තබා ගැනීමට ඉඩ දී ඉතිරි මුදල වෙනත් ගිණුම් කිහිපයකට බෙදා හරින ලෙස උපදෙස් ලබා දීම.
- Binance සහ KYC දත්ත විකිණීම: සුළු ලාභයක් බලාපොරොත්තුවෙන් ඔබේ අනන්‍යතාවය (ID Card) භාවිතා කර Binance වැනි ගිණුම් සකස් කර, එහි දත්ත වෙනත් පාර්ශවයන්ට විකිණීමට උපදෙස් ලබා දීම.
මෙහි ඇති භයානක තත්ත්වය කුමක්ද?
මෙම ගනුදෙනු සියල්ල සිදුවන්නේ ඔබගේ අනන්‍යතාවය යටතේ බැවින්, අදාළ වංචාව සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත්වන විට ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගැනෙන්නේ ඔබවයි. බොහෝ විට මෙවැනි වංචාවන්ට නොදැනුවත්ව හසුවන්නේ පාසල් දරුවන් සහ වැඩිහිටි පුද්ගලයන් වුවද, නීතිය හමුවේ එය “අපරාධයකට අනුබල දීමක්” ලෙස සැලකෙන බැවින් ඔබට සිරගත වීමට පවා සිදුවිය හැකිය.
ඔබත් නොදැනුවත්කම හෝ රැවටීම නිසා දැනටමත් මෙවැනි ක්‍රියාවකට සම්බන්ධ වී ඇත්නම්,
- ඔබ වෙනත් අයෙකුට පාවිච්චි කිරීමට දුන් හෝ සැක සහිත ගනුදෙනු සිදුවන ඔබේ බැංකු ගිණුම් පිළිබඳව බැංකුව දැනුවත් කරන්න.
- අදාළ බැංකු ගිණුම් සහ අන්තර්ජාල බැංකු පහසුකම් වහාම අක්‍රීය කිරීමට හෝ වසා දැමීමට කටයුතු කරන්න.
- Telegram, Instagram, Whtsapp වැනි මාධ්‍ය හරහා ඔබ ලබා දුන් Account details වහාම ඉවත් කරගැනීමට කටයුතු කරන්න.
- වංචාකරුවන්ට අනුබල දී ඔබේ ජීවිතය සිරගෙයක කෙළවර කර නොගන්න!
- අදම දැනුවත් වී ඔබේ අනන්‍යතාවය සුරක්ෂිත කරගන්න.
මූලාශ්‍රය – sri lanka police facebook page














