
International Big Cat Alliance නවතම සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව නිල වශයෙන් පිළිගෙන ඇති බව එම සන්ධානය විසින් X හි පළ කරන ලද පණිවිඩයක දැක්වේ.
“International Big Cat Alliance – IBCA ශ්‍රී ලංකාව එහි නවතම සාමාජික රට ලෙස උණුසුම් ලෙස පිළිගනී. එය විශාල බලලුන් සංරක්ෂණය සහ තිරසාර ලෝකයක් සඳහා ගෝලීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා තවත් සාමූහික පියවරකි”.
International Big Cat Alliance යනු ගෝලීය වශයෙන් ප්‍රධාන ලොකු බළල් විශේෂ හතක් (කොටියා, සිංහයා, දිවියා, හිම දිවියා, චීටා, ජගුවාර් සහ පූමා) සංරක්ෂණය සහ ආරක්ෂාව අරමුණු කරගත් ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන මුලපිරීමකි.

මෙම සන්ධානයට ශ්‍රී ලංකාව සහභාගී වීම තුළින් වනජීවී සංරක්ෂණය, ජෛව විවිධත්ව ආරක්ෂාව සහ පාරිසරික මුලපිරීම් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව නිකුත් කරන ලද ද්විපාර්ශ්වික ප්‍රතිඵල ලැයිස්තුවක කොටසක් ලෙස International Big Cat Alliance හා සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ තීරණය ප්‍රථම වරට අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.














