සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණ පරීක්ෂණයට අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් පත් කරයි

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් හතර දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

මුදල් අමාත්‍යාංශය විසින් විදේශ ණය පියවීමකදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයකට මාරු කිරීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහාර අධ්‍යක්ෂවරයාගේ සිරුර ඊයේ (30) ඔහුගේ ගෙවත්තේ තිබූ සොයා ගන්නා ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ඊයේ පැවැත්වූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website