වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියාගේ මරණ ගැන අසා CoPF කමිටුව කම්පනයට පත් වුණා – හර්ෂ ද සිල්වා

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයේ ගිනුමකට බැර වීම සම්බන්ධයෙන් වැඩ තහනටමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වන රංග රාජපක්ෂ මහතා  සියදිවි නසා ගෙන ඇති පුවත අසා මුදල් කමිටුව දැඩි කම්පනයකට පත් වූ බව CoPF කමිටුවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.

මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවේ දී මෙම පණිවිඩය ලැබුණ බව ද ඔහු පැවසුවේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පැවසුවේ අද (30) පැවැති රාජ්‍ය මුදල් කාරක සභාවේ විශේෂ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මෙසේ ද පැවසුවේය, “මේ පණිවිඩය ආවේ අපි සාකච්ඡා කරමින් සිටින අවස්ථාවේ දී. අප සමඟ සිටි සියලුම සමාජිකයින්ට ඒක කම්පනයක් වුණා. මේ හරිම කනගාටුදාක පුවතක්. ජීවිතයක් කොපමණ වටිනාවද ?. මම ඔවුන්ට කිව්වේ පළමු වැනි ජීවිත හානිය සිදු වුණා කියලා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website