ශ්රී ලංකා වියට්නාම සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් රාජ්ය සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් මහතා අද (07) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි.
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්ය තාන්ත්රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය නිමිත්තෙන් 2025 වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී සිදු කළ ආරාධනයකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ මෙම රාජ්ය සංචාරය සිදුවේ.
සංචාරය අතරතුරදී දෙරටේ නායකයන් අතර ද්විපාර්ශ්වික වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, කෘෂිකර්ම සහ කලාපීය සහයෝගිතාව වැනි ක්ෂේත්ර පිළිබඳ අවධානය යොමු කිරීමට ද අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා වියට්නාම වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සංසදයේ සමාරම්භය ඇතුළු ඉහළ මට්ටමේ ක්රියාකාරකම් කිහිපයකට ද වියට්නාම ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.














