මහා භාණ්ඩාගාරය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ට ගෙවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මෙම ක්‍රියාවලියේදී වගකීම් විරහිතව කටයුතු කළ නිලධාරීන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (27) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම එක්ව සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව පිළිබඳවත් අවධානය යොමුවී ඇති බව හෙළි කළ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය, “මෙහි පැහැදිලිවම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම් විරහිත ක්රියකාරීත්වයක් තිබෙනවා. ඒ නිලධාරින්ට අවශ්‍ය වන විනය ක්‍රියාමාර්ග දැනටමත් අරන් තියෙනවා. ඉදිරි විමර්ශනවලදී හෙළිවන කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා”.














