මැයි දිනය සැමරීම වෙනුවෙන් ඇති දේශපාලන වුවමනාව මත වෙසක් දිනය මැයි 30 වනදාට කල් දමා ඇති බව මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ පවසති.
මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ද උන්වහන්සේලාගේ අදහස් ප්රකාශ කර ඇති බැවින් තමන්වහන්සේ එම අදහසට කිසිදු විටකදී විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බව ද නාහිමියෝ පැවසූහ.
වෙසක් පොහොය දිනය ආණ්ඩුවට අයත් දෙයක් නොවන බැවින් මැයි 01 දිනය පුරාම බෞද්ධ වත්පිළිවෙත්වල නියැලෙන ලෙසට උන්වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.













