අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අභියාචනාධිකරණ අවධාරණය කරයි

රට තුළ උග්‍රවන අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා අවධාරණය කළේය.

අලි ඇතුන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා බලධාරීන්ට බල කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ඉල්ලා ගොනුකරන ලද රිට් පෙත්සමක්  අභියාචනාධිකරණ ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදී විනිසුරු අබේසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණයේ විනිසුරු (සභාපති) රොහන්ත අබේසූරිය සහ විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (27) මෙම පෙත්සම කැඳවන ලදි.

අලි ඇතුන් ආරක්ෂා කිරීමේ සංගමයේ සභාපති කේ. ප්‍රියදර්ශනී විසින් පෙත්සම ගොනුකර තිබූ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අලි ඇතුන් ජාතික වස්තුවක් සහ පොදු දේපළක් ලෙස සලකනු ලබන අතර, එබැවින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අදාළ බලධාරීන්ගේ ක්ෂණික හා ඵලදායී මැදිහත්වීමේ වැදගත්කම ද අබේසූරිය විනිසුරුතුමා අවධාරණය කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා අවධාරණය කළේ, විශේෂයෙන් නීති විරෝධී විදුලි වැටවල් භාවිතය නියාමනය කිරීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගැටුම අවම කිරීම සඳහා සුදුසු පියවර ගත යුතු බවයි.

දෙපාර්ශ්ව විසින් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීම් සලකා බැලීමෙන් පසු, අභියාචනාධිකරණය ඊළඟ නඩු දිනයේදී වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් විභාගය ජුනි 2 වන දිනට කල් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website