
පෙරියවිලාන්, ඉලවාලි ප්රදේශයේ ඉඩමක් සම්බන්ධව කාන්තාවක් ඇතුළු පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා අතර 2025.04.25 වන දින එම භූමිය පරිශ්රයේදී ඇතිව ඇති ගැටුම්කාරී තත්වයට අදාලව ඉලවාලි පොලස් ස්ථානයට දෙපාර්ශවයෙන්ම පැමිණිලි ඉදිරිපත් විය.
විමර්ශනයට අනුව ඉලවාලි පොලිස් ස්ථානය විසින් ඉඩමකට අයුතු ලෙස ඇතුල්වී පහරදීමේ චෝදනාව මත වයස අවුරුදු 39ක සැකකාරියක් අත්අඩංගුවට ගත් අතර ගරු අධිකරණය විසින් ඇය 2026.04.29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම ගැටුම්කාරී තත්වයේදී පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අරචුනා මහතාද අදාල කාන්තාවට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බැවින් 1996 අංක 22 දරණ ගිනි අවි අඥා පනතේ 44(ආ) වගන්තිය යටතේ ගිනි අවියක් පෙන්වා සාපරාදී බිය ගැන්වීම මෙන්ම දණ්ඩ නීති සංග්රහයේ 433 වගන්තිය යටතේ අයුතු ඇතුල්වීම, දණ්ඩනීති සංග්රහයේ 486 වගන්තිය යටතේ සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ මන්ත්රීවරයාද 2026.04.27 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ජුනා මහතා 2026.04.27 වන දින මල්ලාකම් ගරු අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.













