Sri Lankan Airline නාමය භාවිතා කර WhatsApp හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් ගැන පොලිසිය අනතුරු අඟවයි

WhatsApp ගිණුම් හරහා “Sri Lankan Airline” ආයතනයේ සේවාවක් බවට අඟවමින් දුරකථන සම්බන්ධතා ඇති කරගනිමින් ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයක් හරහා “Sri Lankan.apk” යනුවෙන් පවතින ජංගම දුරකථන යෙදුමක් ස්ථාපනය කරවීමට සැලැස්වීම හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

https://srilankan.wuozgo.cc , https://srilankan.vaco.cc හා https://srilankan.krgo.cc යන වෙබ් අඩවි හරහා Sri Lankan.apk යෙදුම භාගත කරවීම සිදුකරනු ලබන අතර මෙම යෙදුම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුමක් බවත් යෙදුම ස්ථාපනය කිරීම මඟින් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය ලබාගැනීම සඳහා අවසර ලබා ගැනීම සිදුවන අතර ඒ හරහා පුද්ගල සංවේදී දත්ත නිරාවරණය කරගැනීමේ හැකියාව ලැබෙන බවට නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව අනිශ්ඨ ක්‍රියාකරුවන් විසින් මුදල් ගණුදෙනුවක් සිදුකරවීමට සලස්වමින් One – Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනාගැනීම) ලබාගැනීම හරහා බැංකු යෙදුම් වෙත අනවසර ප්‍රවේශ ලබා ගනිමින් වංචනික ලෙස මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදුකරන බව අනාවරණය වී ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කරනු ලබන බවට නිරීක්ෂණ වී ඇත.

දුරකථන අංක :-

  • 077 – 4558361
  • 074 – 1142208
  • 077 – 5791209
  • 074 – 3268200

ක්‍ෂණික මූල්‍ය වාසි ලබා ගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරයෙන් වාර්තා වන බැවින් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website