ආපදාවෙන් බලපෑමට පත් වූ දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

ආපදාවෙන් බලපෑමට පත් වූ දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූ දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව නන්දන කනකරත්න මහතා පැවසීය.

ඒ අනුව දුම්රිය මගීන් වෙනුවෙන් නුවර දුම්රිය ස්ථානයෙන් උදෑසන 4.00,4.15,4.30 ට බස් රථ 3ක්.

කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදෑසන 5.00,5.15,5.30 ට බස් රථ 3ක් කොළඹ බලා ධාවනය වන අතර නැවත කොටුව දුම්රිය ස්ථානයෙන් නුවර බලා හවස 4.45,5.15,6.00 ට හා කුරුණෑගල බලා හවස 4.45,5.30,6.15 ට ධාවනය වේ.

එමෙන්ම රඹුක්කන – අඹේපුස්ස බස් රථ 2ක් ,අලව්ව – අඹේපුස්ස බස් රථ 2ක්, කෑගල්ල – අඹේපුස්ස බස් රථයක් ලෙස විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන අතර සාමන්‍යයෙන් ධාවනයේ යෙදෙන බස් රථ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ධාවනයේ යෙදෙන බවත් පැවසීය.

තවද දුර ගමන් සේවා සඳහා විශේෂ අවධානයක් දක්වා ඇති අතර මධ්‍යම පළාත තුළ මහනුවර සිට නුවරඑළිය, බදුල්ල ගමනාන්තය හැරුණු කොට අනෙකුත් මාර්ග භාවිතයේ පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website