සුළි කුණාටුවෙන් වී වගාවට හානි වූ ගොවීන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කළ දැනුම් දීම

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවෙන් හානියට පත් මහ කන්නයේ වී වගාවන් යථා තත්වයට පත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දි මුදලක් ලබා දෙන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා   ප්‍රකාශ කළේය.

ඊයේ (08)  කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන්, කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ගෙන් හෝ ගොවිජන සවර්ධන දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව ද රණතුංග මහතා පැවසුවේය.

මෙම ආපදාවට පෙර වී වගාවේ අවසන් අදියරයේ දී ඇති වූ ආපදාවල දී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40 000ක මුදලක් ද, පැළ ගොයම සහිත මුල් කාලයේ ඇති වන ආපදාවල දී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට  රුපියල් 16, 000ක මුදලක් පමණක් ලබා දුන්න ද මෙවර එම සහනාධාරය වැඩි කර ඇති බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, මහ කන්නය නැවත අස්වද්දන්නට ගොවි මහතුන් දිරි ගැන්වීම මෙහි අරමුණ බව ද සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website